iranama
රවී ශනි බලපෑමෙන් ලග්න 4ක කල සරුවේ
කුජ-සිකුරු-රාහු අටේ කාන්තාවන්ට අපලයි
ලංකා කේන්ද්‍රයේ රවී හා ශනිගේ පිහිටීම උසස් නිලතල දරන අයට එතරම්ම සුබදායක නොවේ. එසේ වුවත් මෙම පිහිටීම ම මේෂ, සිංහ, මකර, කුම්භ ලග්න හිමියන්ගේ වෘත්තීය සහ ආර්ථික දියුණුවට හේතු වන්නේය. කුජ, සිකුරු, රාහු අටේ වීම කාන්තාවන්ට, කලාකරුවන්ට අපදායක තත්වයකි.
ලංකා කේන්ද්‍රයේ පවතින ග්‍රහ ගෝචරය අනුව තවදුරටත් යම් යම් අවහිරතා, ආන්දෝලනාත්මක සිදුවීම් මධ්‍යයේ කිසියම් සහනශීලි බවක්ද, රට තුල උදා වනු ඇත. කෙසේ වුවත් උසස් නිලතල දරන අයට රවී, ශනිගේ පිහිටීම තුල යම් යම් අපලදායි තත්වයක් දෝෂාරෝපණ තත්ත්වයක් ඇතිවීමේ ඉඩක් පවතී. කෙසේ වුවත් මෙම පිහිටීම් මධ්‍යයේ රටේ ජනතාවට කිසියම් සහනශීලි තත්වයක් උදා වෙනු ඇත. කාලගුණික තත්වයන් යටතේ තවදුරටත් වැසි වර්ධනය වීම්, ජලයෙන් පිඩා, පස්කඳු කඩා වැටීම්, මුහුද රළු වීම්, නායයාම් වලට ඉඩ පවතින අතර ඒ තුල පොදු ජනතාවගේ ජිවිතවලට යම් යම් හානිදායක තත්ත්වයන් උදා කරයි. ප්‍රසිද්ධ අයට අපලදායක තත්වයක් ඇති කරනු ඇත. විශේෂයෙන්ම ලංකා කේන්ද්‍රයේ අටවැන්නේ කුජ, සිකුරු, රාහු පිහිටීම තුල කාන්තා පක්ෂය, කළා ක්ෂේත්රයේ නියුක්ත අයට, ආර්ථික ක්ෂේත්රයේ අයට වුවද කරදරකාරී තත්ත්වයන් බාධා අවහිරතා ඇති කරනු ඇත. ලග්න වශයෙන් සැලකීමේදී මේෂ, සිංහ, මකර, කුම්භ යන ලග්නවලට බලාපොරොත්තු ඉටුවීම් මෙන්ම වෘත්තීය සහ ආර්ථික වශයෙන්ද කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. අනෙකුත් ලග්න හිමියන්ට ප්‍රබල ලෙස සාර්ථක ප්‍රතිඵල උදා නොකළහොත් යම් යම් මධ්‍යස්ත මට්ටමකට සහනශීලි බවක් උදා කරගත හැකි බව ද පෙනී යයි. ඒ ඒ ලග්නවලට අදාළ වූ පලාපල තත්ත්වයන් පහත දැක්වේ.
මේෂ
වෘත්තීය සහ රැකිරක්ෂා කටයුතු කරගෙන යාමේදී තරමක් කල්පනාකාරී වන්න. ආර්ථික සහ මුල්‍යමය වශයෙන් එතරම්ම අයහපත් නොවේ. විවිධ ක්ෂේත්රයන්ට යොමුවීම තුල සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ.
වෘෂභ
හවුල් කටයුතු වලදීද, ව්‍යාපාරික අංශවලදීද තරමක් කල්පනාකාරී විය යුතුයි. ආර්ථික සහ මුල්‍යමය වශයෙන් ශ=භදායකයි. විවිධ ක්ෂේත්රයන් තුලින් ආදායම් ලබයි. ගමන් බිමන් අධික වේ. අන්‍යයන් සමග කටයුතු කිරීමේදී සැලකිලිමත් වන්න.
මිථුන
විවිධ ක්ෂේත්රයන්ට යොමු වී ක්‍රියා කිරීම තුල වෘත්තීය සහ රැකිරක්ෂා කටයුතු සාර්ථක කරගැනී. විවිධ ක්ෂේත්රයන්ට යොමුවීම තුල ආදායම් ලැබුනද වියදම් පක්ෂයද අනපේක්ෂිත ලෙස ඉහළයාම තුල මුදල් ඉතිරිකරගැනීම තරමක් අසීරු වේ.
කටක
ආදායාම් මාර්ගවල තරමක පසුබැසීමක් පෙන්වයි. ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොකරයි. වෘත්තීය සහ රැකිරක්ෂා කටයුතුවලදී උනන්දුව සහ කැපවීම තුලින් පමණක් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක.
සිංහ
යම් යම් බාධා අවහිරතා ඇතත් ස්වකිය උත්සාහය සහ කැපවීම තුල සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. වෘත්තීය සහ රැකිරක්ෂා අංශයේ දී සියුනුවක් උදාකර ගනී. තමාගේ දක්ෂතාවයන් ගැන අන් අය තමාට ගෞරවයක් ද සැලකීමක්ද දක්වයි.
කන්‍යා
සතුරු කරදර බාධා මධ්‍යයේ තමාගේ කටයුතු කරගැනීමට සිදු වේ. හැමවිටම ඉවසිමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කල යුතුයි. තමාගේ ඉඩම්කඩම් දේපල දියුනුකරගන්නා උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබේ. වෙහෙස මහන්සි වී කටයුතු වල යෙදීමට සිදුවේ.
තුලා
අමුතු අලූත් වැඩකටයුතු කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් සකස් වේ. හදිසියේම වෙනස්වීම් කිහිපයක් ඔස්සේ කටයුතු වල නියුක්ත වීමට සිදුවේ. රසවත් කෑම බීම නිතරම ලැඛෙන්නට පුළුවන. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට ශ=භාදායකයි.
වෘශ්වික
වෘත්තීය සහ රැකිරක්ෂා කටයුතු කරගෙන යාමේදී කාර්ය බහුලත්වය තුල තම කටයුතු අතපසුවිම්වලට ඉඩ පවති. ආර්ථික සහ මුල්‍යමය වශයෙන් ශ=භයි. විවිධ ක්ෂේත්රයන්ට යොමුවීම තුල ආදායම් මාර්ග වර්ධනය කරගනී. ගමන් බිමන් බහුලයි.
ධනු
තමාගේ කටයුතු කරගෙන යාමේදී තරමක් බාධා අවහිරතාවයන් උද්ගත විය හැක. විටෙක අනපේක්ෂිත සිද්ධීන් ඉස්මතුවීම තුල මුදල් වියදම් ඉහල යනු ඇත. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් විය යුතුයි. අධ්‍යාපන කටයුතු වල දී සිටින අයට ශ=භාදායකයි.
මකර
ආර්ථික සහ මුල්‍යමය වශයෙන් ශ=භාදායකයි. දියුණුවක් ද අභිවෘදියක්ද උදාකර ගනී. දුරබැහැර ගමන්බිමන් පෙන්වයි. අන්‍යන්ගේ ආධාරය උපකාරය ලැබේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්රයේ දියුණුවක් ලබයි.
කුම්භ
යම් යම් අවස්ථාවල සහ හවුල් ව්‍යාපාර කටයුතුවලින් කිසියම් මට්ටමක ශ=භදායක වාතාවරණයක් ලබයි. ආර්ථික සහ මුල්‍යමය ක්ෂේත්රයන් යහපත්ය. අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින අයට වාසිසහගතයි. අලූත් විෂයයන් ඉගෙනීමට අවස්තාව ලැබේ.
මින
වෘත්තීය සහ රැකිරක්ෂා කටයුතු කරගෙන යාමේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. ආදායම් ලැබුනද වියදම් පක්ෂය ඉහල යාම පාලනය කරගැනීම අසීරුයි. එම නිසා හැම විටම ඉවසිමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කිරීම අවශ්‍යයි. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් විය යුතුයි.